කොසොල් රජතුමා දුටු පළවෙනි සිහිනය !

කොසොල් රජතුමා :-  
                                                භාග්‍යවතුන් වහන්ස මා දුටු පලවෙනි සිහිනය මෙහෙමයි. කළු පාට ගොන්නු හතර දෙනක් හතර දිශාවෙන් මහ පොලොව දෙවනත් කරගෙන, දූවිලි අවුස්සගෙන ගොන් පොරයට එනවා. උන් එනවිට නරඹන්නෝ මහා උද්‍යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලන් ඉන්නවා. ගොන්නු හතර දෙනා එකිනෙකාට ලං වුණාම මොන පොර බැදිල්ලක්ද ? උන් හතර දෙනා මුහුණට මුහුණ තියලා ආපහු හැරිලා ගියා. ඔල්වරසන් දුන් නරඹන්නෝ ගොන් පොරය බලන්නට බැරි වී හොඳටම දුක් වුණා.





බුදු රජාණන් වහන්සේ :-    

                               රජතුමනි මෙය ඔබට හෝ රටටවත් අද හෙට සිදු වන දෙයක්වත් නොවෙයි. අනාගතේ අධාර්මික පාලකයින් නිසා රටේ දේශගුණයත්, කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නිසි කලට වැසි වහින්නේ නෑ. වැහි බලාපොරොත්තුවෙන් ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා. ඔය අතර ඝන වැහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියෝ උදලු කැති සූදානම් කරගෙන ඇළ වේලි, නියරවල් බඳින්න සූදානම් වෙනවා. අවුවෙහි වේලෙන්න දැමූ දේ ලහි ලහියේ ගෙට ගන්නවා.  වහින්න වගේ තිබුනට අර වලාකුළු වෙනත් දිහාවකට ගහගෙන යනවා. වැස්ස පිළිබඳව බලාපොරොත්තු වූ ජනතාව දුකෙන් දුකට පත් වෙනවා. ඒකයි මේ සිහිනේ තේරුම. 

              ධර්ම දානය පිණිස මෙම ලිපිය ෂෙයාර් කරන්න.