භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි, උන්වහන්සේ භික්ෂූන් අමතා මෙලෙස වදාළහ. "මහණෙනි, මෛත්‍රී කරන්නවුන් හට ලැබෙන අනුසස් 11කි." එනම්,
01. සැපසේ නිදයි.
02. සැපසේ අවදි වෙයි.
03. නපුරු සිහින නොදකියි.
04. මිනිසුන්ට ප්‍රිය වෙයි.
05. අමනුෂ්යින්ට ද ප්‍රිය වෙයි.
06. දෙවියන් විසින් ආරක්ෂා කරයි.
07. ඔවුන්ගේ ශරීරයට ගින්දර, විෂ, හී හෝ නොවදියි.
08. සිත ඉක්මනින්ම එකඟ වෙයි.
09. මුහුණ පැහැපත් වෙයි.
10. සිහි නොමුලාව කලුරිය කරයි.
11. මරණින් මතු බඹ ලොව උපදී.
මෙත් වැදීම තුලින් ලැබෙන ආනිසංස පිළිබඳව තවත් බොහෝ දෙනෙක් දැනුවත් කරන්න.
ධර්ම දානය පිණිස මෙම ලිපිය ෂෙයාර් කරන්න.
වෛර කරන්නාට මෙත් වඩන්න. වෛරය ඒ තුලින් කෙලවර වේවි.
"නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනන්තනෝ "
(වෛරයෙන් වෛරය කිසිදාක සංසිඳෙන්නේ නැත. අවෛරයෙන් වෛරය සැමදා සන්සිඳේ. මෙය සනාථන දහමකි.) ධම්ම පදය

හරි වැරැද්ද තෝරා බේරාගෙන නිවැරදිව කටයුතු කරමු.
"සාරං ච සාරතෝ ඤත්‍වා
අසාරං ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මාසංකප්ප ගෝචරා"
(සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්, දැක නිවැරදි කල්පනාවන්ට ගොදුරු වූ අය සරු දෙයම ලබත්.) යමක වර්ගය :12

කුඩා යැයි සිතා අවමන් නොකළ යුත්තන් හතරකි.
බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරනවිට පසේනදී කොසොල් රජතුමා බුදු රජාණන් වහන්සේ හමු වීමට පැමිණියේය. පැමිණ බුදුන් වහන්සේ සමග සතුටු සාමීචියේ කතා කොට නිමවා එකත් පසෙක සිටි කොසොල් රජතුමා උන්වහන්සේට මෙසේ කීවේය.
"භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ යැයි ප්‍රකාශ කරන සේක් ද ? "
"මහරජ, මම වනාහි සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළෙමි." බුදුන් වහන්සේගේ පිළිතුර විය.
"භවත් ගෞතමයන් වහන්ස, බොහෝ පැවිදි සමූහයා ඇති, ප්‍රසිද්ධ වූ කීර්තිය පැතිරුණු, බොහෝ මිනිසුන් ප්‍රශංසා කරන ලද පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල, නිගන්ඨ නාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බල යන අයත් සම්බුද්ධත්වය අවබෝධ කළේදැයි මා විසින් විමසූ විට එය අවබෝධ නොකළ බව කීහ. ඒ අයට වඩා වයසින් බාල ඔබ වහන්සේ බුද්ධත්වය අවබෝධ කළේයැයි ප්‍රකාශ කරයි.එයට හෙතුව කුමක් ද ?"
එවිට බුදුන් වහන්සේ, "මහරජ හතර දෙනෙක් වයසින් බාල යැයි අවමන් නොකළ යුතුය. ඒ හතර දෙනා නම් .....
01. රාජ කුමාරයා ළදරු යැයි අවමන් නොකළ යුතුය. කෙදිනක හෝ ඔහු රජ කමට පත් වී තමාට අවමන් කළ පුද්ගලයාට දඬුවම් පමුණුවන බැවිණි.
02. සර්පයා කුඩා යැයි අවමන් නොකළ යුතුය. ඌ දෂ්ට කළ විට විශාල සර්පයෙකුගේ මෙන්ම විෂ සමානව පැතිරෙන බැවිණි.
03. ගින්න කුඩා යැයි අවමන් නොකළ යුතුය. කුඩා ගිනි සිලුවකින් වුවද විශාල ගින්නක් ඇති විය හැකි බැවිණි.
04. සිල්වත් ශ්‍රමණයාට කුඩා යැයි අවමන් නොකළ යුතුය. ඔහුගේ තේජසින් අවමන් කළ තැනැත්තාගේ මුදුන් සුන් වූ තල රුකක් මෙන් විනාශයට පත් වන්නේය.... (වයසින් බාල වුවත් සීලයෙන් උසස් විය හැකියි.)
මහරජ මේ හතර දෙනා කුඩා යැයි අවමන් නොකළ යුතු යැයි කොසොල් රජතුමාට දේශනා කොට වදාළහ.
ධර්ම දානය පිණිස මෙම ලිපිය පහතින් ෂෙයාර් කරන්න.

කොසොල් රජතුමා දුටු පළවෙනි සිහිනය !
කොසොල් රජතුමා :-
භාග්‍යවතුන් වහන්ස මා දුටු පලවෙනි සිහිනය මෙහෙමයි. කළු පාට ගොන්නු හතර දෙනක් හතර දිශාවෙන් මහ පොලොව දෙවනත් කරගෙන, දූවිලි අවුස්සගෙන ගොන් පොරයට එනවා. උන් එනවිට නරඹන්නෝ මහා උද්‍යෝගයකින් ජය ඝෝෂා පවත්වමින් වට වී බලන් ඉන්නවා. ගොන්නු හතර දෙනා එකිනෙකාට ලං වුණාම මොන පොර බැදිල්ලක්ද ? උන් හතර දෙනා මුහුණට මුහුණ තියලා ආපහු හැරිලා ගියා. ඔල්වරසන් දුන් නරඹන්නෝ ගොන් පොරය බලන්නට බැරි වී හොඳටම දුක් වුණා.
බුදු රජාණන් වහන්සේ :-
රජතුමනි මෙය ඔබට හෝ රටටවත් අද හෙට සිදු වන දෙයක්වත් නොවෙයි. අනාගතේ අධාර්මික පාලකයින් නිසා රටේ දේශගුණයත්, කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. නිසි කලට වැසි වහින්නේ නෑ. වැහි බලාපොරොත්තුවෙන් ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා. ඔය අතර ඝන වැහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියෝ උදලු කැති සූදානම් කරගෙන ඇළ වේලි, නියරවල් බඳින්න සූදානම් වෙනවා. අවුවෙහි වේලෙන්න දැමූ දේ ලහි ලහියේ ගෙට ගන්නවා. වහින්න වගේ තිබුනට අර වලාකුළු වෙනත් දිහාවකට ගහගෙන යනවා. වැස්ස පිළිබඳව බලාපොරොත්තු වූ ජනතාව දුකෙන් දුකට පත් වෙනවා. ඒකයි මේ සිහිනේ තේරුම.

බෞද්ධයාගේ අත් පොත පිලිබඳ දැන ගනිමු.
මහා කාරුණික වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් පසුව පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංගීතිකාරක මහ රහතන් වහන්සේලා විසින් ශාසනයේ චිරස්ථිතිය සලකා ක්‍රමානුකූලව වර්ග කොට සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් පිටක තුනක සංග්‍රහ කරන ලදී. ඒ පිටක තුනෙන් සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ 05 කි.
01. දීඝ නිකාය
02. මජ්ඣිම නිකාය
03. සංයුත්ත නිකාය
04. අංගුත්තර නිකාය
05. ඛුද්දක නිකාය යනුවෙනි.
මෙයින් ඛුද්දක නිකායට ග්‍රන්ථ 15ක් ඇතුළත් වේ. මේවා අතුරින් දෙවෙනි ග්‍රන්ථය ධම්ම පදයයි.
"ධම්ම" යන පදයෙහි අර්ථ රාශියක් ගැබ්ව තිබේ. ප්‍රධාන් වශයෙන් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම ධර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ. "පද" යන්නෙහිද අර්ථ කිහිපයකි. මෙහි දී කොටස් යන අර්ථයත්, මාර්ගය යන අර්ථයත් යෝග්‍ය බව පෙනේ. එම නිසා "ධර්ම කොටස්" යන අර්ථයත් "ධර්ම මාර්ගය" යන අර්ථයත්, ග්‍රන්ථ නාමයේ අර්ථය ලෙස සැලකිය හැකිය.
මේ ග්‍රන්ථය සිත් ගන්නා සුලලිත පද මාලාවකින් ගැලපුණු ගාථා හෙවත් පාලි පද්‍ය 423 කින් පරිපූර්ණ වේ. ඒ ගාථා වලින් මතු වන අර්ථ සලකා වර්ග හෙවත් පරිච්ඡේද 26 කට බෙදා දක්වා තිබේ. බුදුරදුන් ජීවමාන කාලයේ අවස්ථා 300 කදී ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළ මේ ගාථා රැස් කොට සංගීතිකාරක මහා රහතන් වහන්සේලා විසින් වර්තමාන ධම්මපද ග්‍රන්ථයේ තත්ත්වයට පත් කරන ලදී.
මේ ග්‍රන්ථයේ අන්තර්ගත කරුණු අංශ 3 කට බෙදා දැක්විය හැකිය.
01. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපයෝගී වන උපදෙස්.
02. පරලොව සැප ලැබීමට කළ යුතු හා අත්හළ යුතු දේ පිලිබඳ උපදෙස්.
03. නිවන් ලැබීම සඳහා උපදෙස්.
සෑම බෞද්ධයෙකු විසින්ම මේ කරුණු පිළිබඳව කෙටියෙන් හෝ දැනගත යුතු වේ. ධර්ම දානයක් පිණිස ෂෙයාර් කරන්න.

තමාගේ වරද නොදැක අනුන්ගේ වරද දැකීම.
"සුදස්සං වජ්ජං අඤ්ඤෙසං
අත්තනෝ පන සුදස්සං
පරෙසං හි සෝ වජ්ජානි
ඕපුණාති යථාභුසං
අත්තනෝ පණ ඡාදෙති
කලිං ව කිතවා සඨෝ"
"සුදස්සං වජ්ජං අඤ්ඤෙසං
අත්තනෝ පන සුදස්සං
(අනුන්ගේ වරද ලෙහෙසියෙන් දැකිය හැකිය,තමාගේ වරද දැකීම අපහසුය,අනුන්ගේ වරද සොයන තැනැත්තා අනුන්ගේ වැරදි දහයියා මෙන් පොළා පෙන්වයි,ඔහු සිය සිරුර සගවන කපටි ළිහිණි වැද්දෙකු මෙන් තමාගේ වරද සගවයි) (මල වර්ගය 18)
Subscribe to:
Posts (Atom)